බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස

බදුලූ මිටියාවතේ ගම්මානයක සොම්නස හා දොම්නස සොයා යාම

Sunday, February 4, 2018

ලොකුවීම හෙවත් කොටහුල 02

 ඔය චමින්දයා ඉන්නවා නේද? දැන්නම් නෑ. ගම්පහ බෝඩිමේ මගෙත්තෙක්ක එක කාමරේ අවුරුදු තුන හතරක් දුක සැප බෙදාගෙන හිටියේ. ඔය ගම්පහ ස්ටූඩියෝවෙක්ක කැමරාමන් කෙනෙක්. ඩේලි ගහනවා ආය. හවසට එද්දි හිඟුරාන හරි මැන්ඩිස් හරි කාලක් බාගයක් සාක්කුවේ දාගෙන එන්නේ. ආපු ගමන් නාලා ඇඟ එහෙම පිහදාලා මගේ දිහා බලලා අමුතු හිනාවක් දාලාකරාස්ගාලා බෝතල් මුඩිය කඩලා අමුවෙම්ම.

 “ගුඩුස්...ගුඩුස්..ගුඩුස්..ගුඩුස්

ඕක දැකලා මගේ පපුව පිච්චිලා යනවා වගේ දැනෙනවා.
ඊට පස්සේ සාක්කුවෙන් බුලත් විටි 3ක් හතරක් ඇදලා අරං ඇඳ උඩ දරන ගහගෙන ඒවා දිග ඇරලා පරීක්ෂා කරනවා. කෑමට සුදුසු ඒවා. සමහර විට බුලත් විට දෙක තුනක් රිජෙක්ට් කරනවා. ඊට පස්සේ හොඳ විටක් ඔතලා ලොකු දුංකලයක් එහෙම දවටලා විට කකා ඇඳේ දිගා වෙලා වහල දිහා බලාගෙන  බර කල්පනාවල. අවුරුදු 40ත්  පැනලා. තනිකඩ ජීවිත. ඌ හින්දා මාත් බුලත් හපයෙක් වෙලා ඉඳලා බොහොම අමාරුවෙන් මිදුනේ.

ඉතිං ඔය කාලේ මං වේයන්ගොඩ වැඩ කෙරුවේ. උදේ 7.20 ට පොල්ගහවෙල යනහිඟන්නාකෝච්චියේ තමයි වැඩට ගියේ. හවසටත් ඔය කෝච්චියක එල්ලිලා එනවා. ඔය කාලේ මං රූපලාවන්‍ය ගැන ලොකු උනන්දුවෙන් හිටියේ. කෝච්චියේ යන ගැටිස්සියෝ එහෙම මුණ ගැහෙන එකේ පිළිවෙලට ඉන්ඩ එපැයි ආය. ඉතිං අහුවෙන අහුවෙන ෆේෂල් වොෂ් එක.. ස්ක්‍රබ්බෙක.. සෙන්ට්ටෙක..ෂැම්පු එක.. කන්ඩිෂනර්රෙක මං ඇරං එනවා. ඔය සෙන්ට් එහෙමනං මගේ එකෙන් චමින්දයත් ගහගන්නවා. අනික්වානම් අල්ලන්නෙවත් නෑ.

ඉතිං මගේ තොල් වේලෙනවට ගාන්ඩ ලිප් බාම්මෙකක් දවසක් අරං ආවා. ස්ට්‍රෝබෙරි සුවඳයි. ඕක අර යටිං කරකව කරකව උඩට ගන්න රෝලක් (රෝලොන්) එකක් විදියටනේ එන්නේ. උඩ අර පතොරමක් වගේ. හරියටම කිව්වොත් දාඩිය ගඳට ගාන ඩියොඩ්‍රන්ට් රෝලොන්නෙකක් වගේ. මං ගාව ඩියෝඩ්‍රන්ට් එකක්නං තිබ්බේ නෑ.

ඉතිං මම හැමදාම වැඩට යන්නේ 7:10 ට විතර. චමින්දයනම් උදේ 8.309ට ගිහිං රෑ වෙනකං වැඩකරල එන්නේ. මං උදේට ඉතිං ලිප් බාම් එකත් ගාලා තොල් පිට තොල් පෙරලලා හැඩවෙලානේ වැඩට යන්නේ. ටික දවසක් ගියාම මට ලිප් බාම් එකේ උන්ඩේ වගේ හුලස සීඝ්‍රයෙන් නැති වේගෙන යනවා වගේ දැනෙනෙවා. අන්තිමට ලිප් බාම්මෙක කට මට්ටමටම ගෙවිලා ගිහිල්ලා. ඔන්න දවසක් මං උණ හැදිලා වැඩට නොයා ඉහිං කනින් පෙරෝගෙන ඇඳේ දිගෑදිලා ඉන්නවා. චමින්දයා මූණ අතපය හෝදන් ඇවිත් වැඩට යන්න ලෑස්ති වෙනවා. එක පාරම ස්ට්‍රෝබෙරි සුවඳක් කාමරේ පුරා පැතිරෙනවා. මම සීට්ටෙක මූනෙන් අයින් කරලා බලද්දි චමින්දයා මගේ ලිප් බාම්මෙක කිහිලි දෙකේ අතුල්ලනවා.

යකෝ ඕක මම තොලේ ගාන ලිප් බාම්මෙක

මල්ලි මේක දාඩිය ගඳට ගාන රෝලක් නෙමෙයිද? මං හිතුවේ ඒකක් කියලා.

******************************************************************************

රූට රූට ටක ටක ලයන ගඩේ කතා කයවලා කමෝන් පලකල ඔබ සමට ගඩාක් පුං

ලොකු වෙනවා කියන්නේ මොකද්ද ඇත්තටම

පොඩි කාලේ ඉඳම්ම ගවේෂණශීලී මාජ්ජවේදියෙක් වෙච්චි මට ඔය ගැටලුව විසඳාගත යුතුමය.

සිරි අයියාගෙන් ගොස් අසමු!

ඒත් අපිලට  කොහෙන්ද සිරි අයියා කෙනෙක්

මොකටද යකෝ සිරි අයියලා. අපිට ඉන්නේ දන්සිරි අයියා

ඒකනේ යකෝ දැන්නේ මතක් වුනේ?”

දන්සිරි අයියේ
උංගි නගා..
ලොකු වී ඇති යැයි
කියති ජනා..  
මට තේරෙන්නැති
මේ ලොකු ගැටලුව..
පහදා දෙන්න ඔයා….”

අනේ චූටියෝ ඔය රෙද්ද
මාත් දන්නෙ නෑ බං හු#$
මෙහෙම තියෙන එක
මෙහෙම වෙනවා බං
ඒකයි දන්නෙ මම….”

ලොකු වීම දන්සිරි අයියා නිර්වචනය කලේ දඹරැගිල්ලයි මැදගිල්ලයි උපයෝගි කරගෙන එහෙට්ට මෙහෙට්ට චලනය කරලා.

මෙහෙම තියෙන එක මෙහෙම වෙනවට

“ඈ...?මෙහෙම තියෙන එක කියන්නේ මොකද්ද?”

අනේ මංදන්නෑ බං මං දන්න ටික තමයි කියලා දුන්නේ

දන්සිරියත් ඕක දන්නෑ.. ඌ එස්.එස්.සී වත් කරලා නෑනේ .

නොදන්න දේවල් මගෙන් අහන්න . නැත්තං වැඩිහිටියෙක්ගෙන් අහන්න

අපේ දහම් පාසලේදි  ලොකු හාන්දුරුවෝ කිව්වේ එහෙම. ඒත් ඕක ලොකු හාන්දුරුවන්ගෙන් අහන්ඩ තව සතියක් බලන් ඉන්ඩ එපැයි. ලබන සතියෙනේ දහම් පාසල්. ඒ හින්දා අපේ ගෙදර වැඩිම වැඩිහිටියා ආච්චිනේ . ආච්චිගෙන් අහනවා.

ආච්චී…. ආච්චී

ඇයි බං මල වදේතිස්සෙම පෝච්චි...පෝච්චී

ආච්චි ඔය උංගි ලොකු වෙලානේමොකද්ද ලොකු වෙනවා කියන්නේ?”

ආච්චිගේ කට ඇද වෙනවා. ඇස් උඩ යනවා. නලල රැළි වෙනවා. දාඩියෙන් මූණ තෙමෙනවා. නෝ ආන්සර්..

හෝ හඬ නංවමින් ගලා බැස්ස ගංගාවක් එක් වරම ඝනීභවනය වූවා සේය. තොරතෝංචියක් නැතුව මහා වනයක ඇසුණු රැහැයි හඬ එක්වරම නිසල වූවා සේය. මහා හෙන නඟමින් එක්වරම කඩා වැටුනු මහ වැස්සක් නතර වූවා සේය. නිහඬ සංක්‍රාන්තියක් ඉදිකට්ටක් වැටුණත් හඬ නැඟෙන

දීපල්ලකෝ උත්තර කමලෝ.. කමලෝ.. මේ බලපං මූ අහන පුරස්න?”

හමුදා සේවයෙන් නිවාඩු නොලබා හොරෙන් පලා යන සෙබලෙකු සේමහණ දිවියට තිත තබා සිවුරු හැර හොරෙන් පලා යන හීරලුවෙකු සේ ආච්චි ප්‍රශ්ණයෙන් පලා යනවා.

චූටි මෙහෙ වරෙන්

සතුරන්ගේ පහර දීම් වලින් නැත්තටම නැති වී පලායම්දමියයම්දඅස්ථානයේ සිටින සෙබලෙකු සේ මම අම්මා දිහාවට ගාටනවා.

මම කියලා තියෙනවා නේද තොට ලොකු මිනිස්සුන්ගෙන් පණ්ඩිත ප්‍රශ්ණ අහන්ඩ එපා කියලා…”

චටාස්...පටාස් චටාස්

අම්බෝඕඕඕ

ඒ ප්‍රශ්ණෙට පිළිතුරු ලැබෙන්නේ එහෙම.

අහන්නෑ එකෙග්ගෙන්වත් ආය. ලොකු හාංදුරුවන්ගෙන් ඇහුවත් ඔය සෙතේ තමයි.මමම හොයාගන්නවාසුයං අධ්‍යයනය

එකොලහ වසරේ විද්‍යා පොතේ තියනවලු

ඔත්තුව දුන්නේ ගාමිණියා.

ඒත් කොහෙන්ද පොතක් හොයාගන්නේ ?.”

මම ඉස්කෝලේ ඇරලා පයින් ගාට ගාට එන ගමන් උඩැහැ හේල්ලන්දේ වංගුව ගාව රැකගෙන ඉන්නවා නන්දනී එනකං.

ඇයි බං මෙතන

මට උඹේ සිංහල අච්චු පොතයි. විද්‍යාව අච්චු පොතයි දෙනවද? හෙට ගෙනැත් දෙනකං

ඇයි මොකට?”

සිංහල පොතේ කතාවක් කියවන්ඩ . විද්‍යාව පොතේ රූප සටහනක් ගන්ඩ
ආ ඉඳා.. හෙට ගෙනත් දියං

පොත් දෙකක් ගත්තම සැකයක් ඇති වෙන්නෑ.

ඔය පොත ගෙදර ගෙනල්ලා කියවද්දි ප්‍රේමදාස මහත්තයා මා දිහා බලාගෙන ඉන්නවා.. මැරිච්ච අපේ තාත්තගේ පොටෝ එකට අමතරව ජීවත් වෙලා ඉන්න ප්‍රේමදාස මහත්තයගේ පොටෝ එක්කුත් බොල් විච්ච අපේ දුප්පත් බිච්චියේ එල්ලිලා හිටියා.

තාත්තා නැති උඹලට තාත්තා කෙනෙක් වුනේ ඔය මනුස්සයා. ඔය මනුස්සයා රට පාලනය නොකරනම් උඹලා පොලොව යට” 
අම්මගේ කටේ විතරක් නෙවෙයි ආච්චිගේ කටෙත් තුඩ තුඩ පිළිරැව් දුන්නේ ඔය කතාව. ආණ්ඩුවෙන් දෙන හැම දිළිඳු සහනයක්ම අපිට ලැබුණා. හාල් ඇටේ.. ලාම්පුතෙල් බෝතලේ ඉඳං අඳින වස්තරේ දක්වා. අම්මා කිව්ව කතා ඇත්ත කියලා තේරෙන්නේ දැන්.

කියවීම මිනිසා සම්පූර්ණ මිනිසෙක් කරයි

උත්සහවන්තයා ජය ගනී

තුන් හතර පාරක් කියවලා ලොකුවීම කියන්නේ කුමක්දැයි තනිව අවබෝධකොටගතිමි.

යුරේකායුරේකා…”

නව සොයාගැනීමක් කර අවසන් ප්‍රතිඵලය සඵල වූ විද්‍යාඥයෙකුට ඇතිවන අන්දමේ ඉහවහා ගිය ප්‍රීතියක් මා මනසේ ඩවුන්ලෝඩ් වෙයි.
පහුවදා උදේ නන්දනීට පොත් ටික බාරදී මාගේ කාර්‍යභාරය අවසන් කලෙමි.
දැන් උංගිගේලොකු වීමේපුවත ගමේ පතුරුවාහැරීම අපේ ආච්චිත් ඉස්කෝලේ පතුරවා හැරීම මා විසිනුත් බාරගන්නවා.

නෑ
කවද්ද?”
කොහේදිද?”

දැන් යකෝ මුන්ගේ අතුරු ප්‍රශ්ණ වලටත් උත්තර දීපල්ලකෝ.
උංගිලාගේ ගෙවල් තියෙන්නේ අපේ  ගෙවල් වලට පැල්ලැහින්. ඒ කියන්නේ උංගිලාගේ ගෙදෙට්ට යන එකෙක් අනිවාර්‍යෙන් අපේ ගෙවල් පසුකල යුතුය.

නැකත් බලන්න වෙලාවත් අරං යන්ඩෝනි.. ඕක වෙච්ච වෙලාවත් ඕනි. හාලිඇල්ලේ එකාගේ වැඩ හරි නෑ. හොඳ  නස්සත්තර කාරයෙක් ඉන්නවා දෙහිවින්නේ. හෙට උදේම අපි දෙන්නා යමන්. ඔය කෙල්ල ගාව උඩවෙලව තියලා යං

උංගිගේ අම්මගේ උපදේශක තනතුරට අපේ ආච්චි බලහත්කාරෙන් පත්වෙන්නේ එහෙම.

දැන් ඉතිං එක එක අමුත්තෝ පඩිපෙල  බැහැගෙන උංගිලාගේ ගෙවල් දිහාට ගාටනවා. ඇයි ඉතිං එක එක වැඩ තියෙනවනේ. කොටහුලට ගේ තීන්ත ගාන්ඩ. දැකුලුමල් කඩන්ඩ. දර පලන්ඩ. හට් ගහන්ඩ. පඩිපෙල් අලුත්වැඩියා කරන්ඩ. බොන්ඩ.

ඔව් ඉතිං බෝතලයක් නැතුං  කාටවත් කියලා  මොකක්කත් කරගන්ඩ බෑ මේ ගමේ. බෝතලයක්  දුන්නනම් ගෑණිත් දෙන මිනිස්සු  ඉන්නේ .
උංගිව කරුවල කාමරේකට දාලා ජනෙල් දොරවල් වහලා හිරකාරියක් වගේ හිර කරලලු. පිරිමි පුලුටක් ඇහැගැහෙන්ඩ හොඳනැල්ලු වතුර වක්කරනකන්.

එතකොට උංගි ලැට්ටෙකට යන්නේ කොහොමද?” 
මට තියෙන ප්‍රශ්ණ ඔව්වා. ගවේශණශීලී මාජ්ජවේදියෝ නොවැ.

මං එහේ නැති වෙලාවට උඹලා පැල්ලැහැ ගෙට ගිහිං තිබ්බොත් හතරහංදි කඩනවා

අපේ අම්මා අපිට තහනම් රෙකුලාසි දාන්නේ එහෙම.
ඉතිං පහුවදා අපේ ආච්චියි උංගිගේ අම්මයි යනවා නැකැත් බලන්ඩ.
නැකැත් බලාගෙන  ඇවිත් ආච්චියි උන්ගිගෙ අම්මයි පඩිපෙල බහිනවා

මගේ මේ අත අල්ලගනිං බං. පඩිපෙල් පේන්නේ නෑ. දැන්නන් දැලක් දාලා වගේපේනවා අඩුයි

පාරෙ යද්දි ඕපදූප සේරම පේන ආච්චිට අච්චර ලොකු පඩි පේලි පේන්නෑ.
උන්ගිලාගේ අම්මා උංගිලාගෙ ගෙදෙට්ට යනවා. ආච්චි අපේ ගෙදෙට්ට එනවා.

කමලෝ ඔය කහට ටිකක් දියං දිව ගිලෙන්ඩ යනවා.”.

මොකෝ වුනේ අම්මේ?”

නැකැත් ලබන මාසේ පහලව. කෙල්ලට අන්තිම නරකයි කිව්වා කොටහුල් නැකත. ඇහැක් වගේ බලාගන්ඩ කිව්වා. කොහොමත් ඕකි සෙම්බු මුදලාලිගේ කොල්ලත් එක්ක යයි. මහ එකීත් ඇඟෙව්වේ  නැති  වුනාට  හිත යටින් කැමති ඇති .

හ්ම් පැල්ලැහැ රත්නායකගේ කෙල්ල කිව්වලු උංගිත් ලොකු වුනා.. ඒකි තාම ලොකු වුනේ නෑ කියලා

හැක්  …. හැක් .. හැක්බලාපංකෝ මෙවුන්ට තියෙන පුරස්න්.. හැක්.. හැක්.." 

පුංචිබංඩේ අයියයි පිස්සු ආරියි පඩිපෙල බැහැගෙන බැහැගෙන එනවා.

ඉවරයි.

පිස්සු ආරිනම් ආපහු යන්නේ කොටහුල ඉවරවුනාට පස්සේ.

(ටක ටක ලයන ගඩේ කතා චන්දය නසා ඉතුරු කටස ලබන සදදා පල වා. සමට දල පිහිටයි.ගහල්ල අන්නම්.) 

Wednesday, January 31, 2018

ලොකුවීම හෙවත් කොටහුල 01

කතා ලිවිය යුතු නැත. කතා ලියැවිය යුතුය. 2018 බ්ලොග් ලෝලීන්ට සුබ නව වසරක් වේවා !

ඔන්න ඒ හැත්තෑව දශකයේ බදුල්ලෙමුත් ඈත ඔය කරමැටිය පැත්තේ ගමක දුෂ්කර ඉස්කෝලයක් තිබ්බලු. ඉතිං මුල් ගුරුතුමා විතරලු ඔය ඉස්කෝලේ පාලනය අරං ගියේ. යලට මහට එන්නන් වාලේ ඉස්කෝලේ එන මුලු ඉස්කෝලෙටම තිහ හතලිහක් වෙච්ච ළමයි ටික පාලනය කරගෙන දැහැමින් සෙමින් මේ ඉස්කෝලේ මහත්තයා කල් ගෙව්වලු. ආය පාසල් පරීක්ෂකලා එනවා කියලයැ. ඒ කාලේ ඔය ගම්වල කැලෑ ඉසව් වල හරි හරියට මහ සරුවට බූරු කෙළි එහෙමත් නැත්තන් බූරු පිටි තිබ්බලු. ඉතිං ඔය කාලේ ඔය පැත්තේ බූරු ගහනවට කිව්වේ “බේබි කපනවා” කියල. ඒ දවස්වල අපේ ආච්චිත් “ඕකා බේබි කපන්ඩ යන්ඩ ඇති” කියා දන්සිරි අයියාව විමසපු අවස්ථාවල කියනවා මා අසා ඇත්තෙමි.


ඉතිං ඔය කියන ඉස්කෝලේ මුල් ගුරුතුමත් තදින්ම කිතුල් රා බීමට වගේම බේබි කැපිල්ලටත් ඇබ්බැහි වෙච්ච පුද්ගලයෙක් වුනාලු. බොහෝ අවස්ථාවල පාසල් කාලයේදී ලැබුන අල්ල පනල්ලේ තම ගෝලයන්ට කවර හෝ වැඩක් පනවන මුල් ගුරුතුමා බූරු පිටියට වදිනවලු.ඉතිං ඔය විදියට පින්සිබල් බූරු පිටියට වැදිච්ච දවසක ඉස්කෝලෙට කොළඹින් පාසල් පරීක්ෂකවරුන් කඩා පැන්නලු.


“කෝ ලොකුමහත්තයා?”

“ලොකු මහත්තයා බේබි කපන්න ගියා”

“ඉස්කෝලේ වෙලාවේ එක එක ඒවා කපන්ඩ යන්නේ යනවලා ගිහිල්ලා එක්කන් එනවා.. අද කරන්නම් හොඳ වැඩක්”


ඉතිං ළමයි දෙතුන් දෙනෙක් කැලේ බූරු පොලට ගියාලු ලොකු සර් එක්ක එන්ඩ. ලොකු සර්ට දෙලොව රත් වුනාලු.


“නෑ..උඹලා මොකෝ කිව්වේ”

“අපි කිව්වා ලොකු සර් බේබි කපන්න ගියා කියලා”

ඉතිං ලොකු මහත්තයගේ දෙලොව රත් වුනාලු.

“මුං ගම කාලා.”ලොකු සර් තමන්ටම කියාගත්තා.


ලොකු සර්ටත් ඉතිං ගණදෙවි නුවණ පහල වුනාලු.


“උඹලා පලයල්ලා. මාව ඇහුවොත් කියපල්ලා බේබිය කපාගෙනම එන්නම් කිව්වා කියලා”


පිහියක් හොයාගත්ත ලොකු සර් කැලේට රිංගලා මේන් මෙහෙම හරි කෙලින් අතට තියෙන කුඩුදවුලා ගහක් කලාගෙන කරේ තියාගෙන බොහෝම අමාරුවෙන් අමාරුවෙන් දාඩිය පෙරාගෙන ඉස්කෝලෙට ඇරං ගිහිං පාසල් පරීක්ෂකයෝ බලාගෙන ඉද්දි “දඩාං” ගාලා මිදුල මැද අත ඇරියළු.


පාසල් පරීක්ෂකයෝ මොනාහරි කියන්න කට උල් කරනවත්තෙක්කම ලොකු සර් තමන්ගේ හඬ අවදි කරාලු.


“අනේ සර් අර පැල්ලැහැ පංති කාමරේ වහල දිරලා. වහල පහත්වෙලා. කොයි වෙලේ බිමට පතබෑවෙයිද දන්නෑ. මම මේ කූඤ්ඤෙකට හිටවන්ඩ බේබියක් කපාගෙන එන්ඩ ගියා. හරි මහන්සියි”


පාසල් පරීක්ෂකයෝ බොහෝම අනුකම්පාවෙන් ලොකු සර් දිහා බලාන ඉඳලා ලොග් සටහනක් දාලා යන්න ගියාළු.


“පාසලට අතිශයින් ආදරය කරන තම ශක්තියෙන් පාසල අලුත්වැඩියා කරන අවංක විදුහල්පතිවරයෙකි”

ලොග් සටහනේ තිබ්බේ එහෙමළු.


**********************************************************
 

බංඩේ සීයලා ආච්චි හති දම දම දුවගෙන ඇවිත් මොකද්දෝ දෙයක් අපේ ආච්චිගේ කනේ තියනවාඋන්දත් ආය රොයිටර් වගේ තමයිඕක අපේ ආච්චි කුස්සියට ගිහිං අපේ අම්මගේ කනේ තියනවා කියලා ටක්කෙටම දන්න කුතුහලෙන් ඉන්න අපිත් ඔය ප්රවෘත්තිය අවශෝෂණය කරගන්න කුස්සියේ පිලිකන්න දිහායින් කන්වලට බිච්චිය තියාගෙන ඔහොම අහගෙන ඉන්නවාඅඇහෙන්නෑ… තරංග දුරුවලයිආච්චිත් ඕක අම්මට කියන්නේ රහසින් වගේඒත්  සමහර ඒවා උස් ස්වරයෙන් කියනවා.


මංනං හිතුවේ ඕකි ලොකු වෙලා කියලා. එතකොට ලොකුවෙන්ඩත් කලින්ද අර ඇටම්පිටියෙ සෙම්බු මුදලාලිගේ කොල්ලත්තෙක්ක පැටලිලා හිටියේ 


ඕං එතකොටනං අපි අනුමාන කරනවා සෙම්බු මුද්ලාලියගේ කොල්ලා යාලු වෙලා ඉන්නේ වෙන කවුද ඉතිං. මේ ඊයේ පෙරේදත් සෙම්බු මුදලාලියගේ පුතා අඇවිල්ලා අපිට සලකලා ගියේ.ඔය අපිත්තෙක්ක එකට ඉස්කෝලෙ යනඋංගිජම්බු ගහේ නැගලා. නැත්තං මල්වර වෙලා. නැත්තං කොටහුල් වෙලා. නැත්තං ලොකු වෙලා. නැත්තං ගෙට වෙලා කියලා. උංගිගේ අම්මා තාත්තටත් වඩා ඕකෙන් සතුටු වෙන්නේ අපි. ඇයිපාටි”. ඇයි යකෝ ඊට වඩා ඒකිගේ කොට්ටෝරුවා මමනේ. මමනේ යකෝ පියුං. උංගිගේ ලිවුම් කරදහි ඉස්කෝලෙට උඩ කරපන්ටයින් වත්තට එන සෙම්බු මුදලාලියගේ කොල්ලට ගිහිං දෙන්නෙත් මග යන ගමන් ඒවයේ ලියලා තියෙන දේවල් හොරෙන් කියවන්නෙත් මේ චූටියානේ. එතකොට උංගිගේ කොටහුල චූටියාට අකැපද? හා කියහල්ලා බලන්ඩ.උංගිගේ ලිවුම් වල තියෙන වැරදි ආඛ්යාන විධි.. සෙම්බුවාගේ කොල්ලගේ ලිවුම් වල තියෙන පැටලුනු අක්ෂර සංයෝග කොච්චර තනියෙන් විචාරය කරලා තනියෙන් හිනාවෙලා ඇද්ද මේ චූටියා.


 අනේ පල අඉයේඅපේ සම්බන්දේගෙදෙට්ට ආරන්ගි වෙල වග. අම්ම ටකක් දන්නවද් කොද? තාත්ත ඩනගත්තම තමඉ කෙස් එක. ඊස්කොලෙන් තමඉ ආරංගි වෙල තින්නෙ. මොනාආ කරංඩද මට තෙරෙන්නැ. අනේ පල අඉයේ.  ඇයි අප්පෙ දයියේ කූර. මෙතනින් නවතමු. ඔයාට තරුවන් සරනයි . චූටියට මොන හරි අරගැන් දොංඩ. (මෙකට පලතුරක් එවාන්ඩ)” 


අක්ෂර වින්යාස වැරදීමෙන් විකාරයක් වෙච්ච උංගිගේ ලිවුම් කියවලා එවුවයෙන් ආස්වාදයක් ඇරං ආය තිබ්බ විදියටම ලිවුම ඔතලා සෙම්බු මුදලාලියගේ පුතා පාලයා අතට දෙන්නේ ඉතිං මං මෙලෝ දෙයක් නොදන්න ගානට. සෙම්බු මුදලාලියාට කියන්නේ පාලයාගේ තාත්තට බේකිරියක් තියෙනවා.ඉතිං පාලයා ඔය ජෑම්පාස් දෙක තුනක් ඔතපු පාර්සලේකුත් එක්ක පලතුරු (පිළිතුරු) ලිපියක් දෙනවා. මාත් ඉතිං පාලයාගෙන් කුරියර් ගාස්තු විදියට ලැබිච්ච ජෑම්පාස් කටේ ඔබාගෙන පාලයාගේ පලතුරු ලිපිය කියව කියව කරපන්ටයි ගස් අතරින් ඉස්කෝලෙ පල්ලම බහිනවා. බහින ගමන් පාලයගේ ලිවුමත් දිග අරිනවා. දිග අඇරලා ෂිප් එක අඇරලා ඉලුක් පඳුරු තෙමන ගමන් උගේ ලිවුමත් කියවනවා. ඒක ඊට එහා. ඕකා සල්ලි තිබ්බට ඉස්කෝලේ ගිය එකෙක්යැ. ටක්කෙටම මේ ලිවුම් ලියන්නේ වෙන පුත්තලං බූරුවෙක්. මට දුන්නනං ලියලා දෙනවා උංගිගේ බොක්කටම වැදෙන්ඩ. 


මා අදර උන්ගි.මට ඔය නතුව පලුයි. මං ටික්කක් හරි සනසෙනේ ඔයගෙ ලිව්මක් කයවල. අප දන්න ඉප්පනට තනකට වමු. චූටියා අපෙ ලිවුම් කියවල් කොල්ලො අක්ක කය කය හින වෙනව කයල වත්තෙ කොල්ලෙක් කවුවා. පොඩ්ඩක් කයල බලාංඩ.ඉස්කොලෙ කීඩා උස්සවෙට අපි හම්බු වෙමු. වරදි නිවරදි කරං කයවන්ඩ. ඔයාට දල පිහිට.මං පාල.” 


මං ලිවුමේ අර මං ගැන තිබ්බ විස්තරේ සාක්කුවේ පෑන අරගෙන පේන්නැති වෙන්ඩ කුරුටු ගානවා. යකෝ මගේ ජොබ්බෙකටත් කෙලවුනාම කොහොමද පාලයගෙන් පගාව ගන්නේ.


ඉතිං ලිවුම ආය තිබ්බ විදියට නමලා ගිහිං උන්ගිගේ අතේ ගුලිකරනවා. උන්ගි ඒකත් ඇරං පස්වනක් ප්රීතියෙන් ඔද වැඩී මිටින් හල කිරිල්ලියක සේ මෙන්න මෙහෙම පියාඹලා ලැට්ටෙක දිහාට යනවා. ලිවුම කියවන්නේ ඉස්කෝලෙට පැල්ලැහින් ලොකු අලිපේර ගහ ගාව තියෙන ලැට්ටෙකේ. උංගි ලිවුම් හුවමාරු කරගනිද්දි ඒකි ලොකු වෙලා හිටියේ නෑ නේද කියලා මටත් මතක් වුනේ අපේ ආච්චි අර කතාව කියද්දි. කොල්ලෙක් එක්ක යාලු වෙන්ඩලොකු වීමසුදුසුකමක් වෙන්ඩැති. 

(ඉතිරිය ඉරිදා)